විදෙස් ගුවන් යානා පැමිණීමේ සීමා

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගුවන් සේවාවන් මෙරට ගමන්වාර අඩු කිරීමට හෝ අත්හිටුවීමට අවධානය යොමුකර ඇත.

ඒ, මෙරටට පැමිණෙන ගුවන් යන වලට ආපසු ගමනට ප්‍රමාණවත් ලෙස ඉන්ධන පුරවා ගෙන පැමිණෙන ලෙස ශ්‍රී ලංකාව විසින් දැනුම් දීමයි.

නමුත් අමතර ඉන්ධන පුරවාගෙන ගෙන පැමිණීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය අඩු කිරීමට සිදුවීමත් අතරමගදී ඉන්ධන පිරවීම සඳහා වෙනත් ගුවන්තොටුපලක් වෙත යාමෙන් අමතර පිරිවැයක් දරන්නට වීමත් මත විදෙස් ගුවන් සේවා මෙම තීර්ණය ගෙන ඇත.

මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව වන ගුවන්යානා වල ප්‍රවේශ පත්‍ර වල මිලද බොහෝ ඉහළ යා හැකි බව ද වාර්තා වෙයි.

You may have missed