මාස 04 කට ගෑස් ගේන්න අද ගිවිසුම් අත්සන් කරයි

ඉදිරි මාස 4ක කාලයක් සදහා  අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට අද (30)  දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

 ඒ, ලිට්‍රෝ සමාගම සහ ලෝක බැංකුව අතරයි.

ලෝක බැංකුවේ සහාය මත මෙම ගෑස් තොගය දිවයිනට ලබාගැනීමටයි නියමිතව ඇත.

ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 90 ක්. ඉන් ඩොලර් මිලියන 20 ක් ලිට්‍රෝ සමාගම ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු නියෝජිත හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි.

You may have missed