අධ්‍යාපනය මිලිටරීකරණයට එරහි ජනතා ව්‍යාපාරය ජ.වි.පෙ හමුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේළණයට අනුබද්ධ අධ්‍යාපනය මිලිටරීකරණයට එරහි ජනතා ව්‍යාපාරය අතර හමුවක් අද (30) දින පැවතින.

මේ සදහා අධ්‍යාපනය මිලිටරීකරණයට එරහි ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පරා හනීෆා, මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්‍ය සිතුමිණි රත්නමළල,නීතිඥ කේ.එස් රත්නවේල් යන අය සහභාගී වු අතර ජ.වි.පෙ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලීන්ද ජයතිස්ස යන සහභාගී විය.

මෙහිදි අධ්‍යාපනය පෞද්ගලීකරණයට සහ මිලිටරීකරණයට පාර කපන කොතලාවල පනතට එරහිව ඉදිරියේ ගත හැකි සියලුම ක්‍රියාමාර්ග සදහා ජ.වි.පෙ සහය ලබාදීම සම්බන්ධව සාකච්ඡාවට බදුන් විය. .

You may have missed