පොලිතීන් අණ පනත් වලින් වෙනස් වන්නේ දඩය පමණයි

වර්තමාන පරිසර ඇමති මහින්ද අමරවිර ඇමතිවරයා විසින් ගෙනල්ලා තියෙන්නේ  අගොස්තු 01දා ඉදන් ක්‍රියාත්මක වෙන්නේ 2017 ගෙනපු අණපනත් වන අතර එයින් වෙනස්වෙන්නෙ දඩය පමණයි.

පරිසර හිතකාමි නොවන පොලිතීන් නිෂ්පාදන,ප්‍රවාහන,විකිණීමට දඩය ලක්ෂයක් කිරීමට තමන්  එක හෙලා කැමති වන අතර එසේ නොමැතිව මහා භාණ්ඩාගාරයට අරමුදල් පමණක්  සපයා දීමට පරිසර හිතකාමි ක්‍රියාවලියක් සිදු කරනවානම් එම අඩුපාඩුකම් ඉදිරිපත් කිරීමට සිදුවන බවට මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක අසේල සම්පත් සදහන් කරයි.

ඒ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි අදහස් දැක්වු අසේල සම්පත්..

2017 වර්ෂයේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා  සත්භාවයෙන් ගෙන එන ක්‍රියාවලියක් එහි තිබු ගැටුලු වෙනුවෙන් සත්භාවයෙන් අපිත් පෙනිසිටියා.

පරිසර හිතකාමි පොලිතීන් කොටසක්  නිෂ්පාදනය කළා.  රටවල් වලින් ආනයනය කරලා කෝටිගානක පාඩුවක් ලබුවා. මේ කියන පරිසර හිතකාමි කියන පොලිතීන් කොහොමද මිනිසුන් හදුනාගන්නේ කුමණ ක්‍රමවේදයක් මතද? යන්න අපි අහනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ මේ පරිප්පුව කන්න වෙන්නේ හෝටල් හිමියන්ටයි.  

මේ මුකුත් නැහැ සියලුම පොලිතීන් නිෂ්පාදන වහාම නවත්තන්න දඩය ලක්ෂ10 කරන්න. ප්‍රමිතියෙන් තොර  ලන්ශීට් ඉවත්කරන්න යන්නයි.

You may have missed