කොරෝනා මැද දරුවන් අතර ව්‍යාප්ත වන මාරාන්තික රෝගය

යළිත් කොවිඩ් -19 හිස එසවීමත් සමග දරුවන්ට ඇතිවිය හැකි තවත් බරපතළ රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍යවරු අනතුරු අඟවයි.

කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ වි‍ශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ දරුවන්ට “මිස්සී” නමැති රෝගී තත්ත්වය ඇති වුවහොත් මරණය පවා ඇති වියහැකි බවය.

  “මේ දිනවල කොවිඩ් රෝගය ඉතාම සීඝ්‍රයෙන් පැතිරෙන නිසා, තව සති දෙකක් මාස දෙකක් වගේ ඇතුළත දරුවන්ට “මිස්සී” රෝගය හැදීමට හැකි බවත් ඒ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගතාවයයි.

මේ රෝගය ඉතාම බරපතළ වෙන්න පුළුවන් බවත්  සියලුම ඉන්ද්‍රියන් අඩපණ වීමත් අවුරුදු 12ට වැඩි ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නොත් මිස්සී රෝගය අවම කරගත හැකි බවත් මෙම මිස්සී රෝගය බරපතළ වීමත් ඒක හැදිච්ච දරුවන් දැඩිසත්කාර ඒකකවලටත් මරණයද ඇතිවිය හැකි බවයි.

You may have missed