සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාවට ශ‍්‍රී ලංකා සම්මාන උළෙලේදී රිදී පදක්කම

මෙරට පළ වන විශිෂ්ඨ මූල්‍ය වාර්තා ඇගයීමට ලක් කෙරෙන CA Sri Lanka සම්මාන උළෙලේදී 2020 වර්ෂයේ ‘රක්ෂණ සමාගම්’ කාණ්ඩයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් සම රිදී සම්මානය දිනා ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමත් විය.

වාර්ෂික වාර්තාකරණය තුළ විනිවිදභාවය, සංස්ථාපිත පාලනය, තිරසාරභාවය සහ සමාජ වගකීම් දිරිමත් කරන CA Sri Lanka සම්මාන උළලේ දී ‘ඞීරිස්කින් ද ෆියුචර්’ (Derisking the future) යන තේමාව යටතේ පළ වූ සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, සමාගම විසින් මෙම සම්මාන උළලේදි  දිනාගත් පළමු සම්මානය විය.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිළධාරී පාලිත ජයවර්ධන මහතා මෙසේ පැවසීය: ”තම කොටස් හිමියන්ට සමාගමේ මෙහෙයුම් පිළිබඳව පුළුල් සහ විනිවිද පෙනෙන සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට වගකීම් සහගතව කටයුතු කරන  ඕනෑම ආයතනයක් සඳහා වාර්ෂික වාර්තාව ඉතාම වැදගත් මාධ්‍ය වෙනවා. එමනිසා අපගේ වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වෘත්තීය ගණකාධිකාරී ආයතනය විසින් පිළිගැනීමට ලක් වීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙය සමාගමේ වෘත්තීයභාවය, අවංකභාවය සහ අපගේ පාර්ශවකරුවන්ට තොරතුරු හෙළි කිරීමට ඇති අපගේ කැපවීම පිළිබඳ සාක්ෂියක්.”

සෙලින්කෝ ලයිෆ් හි වාර්ෂික වාර්තා පෙර වසරවලදී දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇත. සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^CMA& 2020 වසරේ ‘CMA සංකලිත වාර්තාකරණයේ විශිෂ්ටතා ‘සම්මාන උළෙලේදී ‘හොඳම සංකලිත වාර්තා 10’ (10 Best Integrated Reports) අතරට ශේණිගත වීම සහ MerComm Inc විසින් 2017 වසරේ ටෝකියෝහී සහ 2016 වසරේ නිව්යෝර්ක්හී පැවැත්වූ ARC සම්මාන උළෙලවල දිනාගත් සම්මාන පහක් ද මෙයට ඇතුළත්ය.

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA ශ‍්‍රී ලංකා) විසින් මෙම වසරේ, 56 වැනි වරටත් මෙම කීර්තිමත් වාර්ෂික වාර්තා සම්මාන උළෙල පවත්වනු ලැබූ අතර, කෝවිඞ්-19 හේතුවෙන් නව සහන ඇතුළත් කරමින් පැවත්වූ මෙවර තරඟාවලියේ, ඉතිහාසයේ පළමු වතාවට ලකුණු ලබා දීමේ ක‍්‍රමය ස්වයංක‍්‍රීය කිරීම ද සිදු කෙරිණි. සම්මාන උළෙලේ ‘නිල උපායමාර්ගික හවුල්කරු’ ලෙස කොළඹ කොටස් වෙළඳපොළ (CSE) අඛණ්ඩව හත්වන වසරටත් ක‍්‍රියා කළේය.

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට අනුව, වාර්ෂික වාර්තා සම්මාන තරඟයේ මූලික ප‍්‍රතිලාභ වන්නේ, වාර්ෂික වාර්තා පළ කරන ආයතනවලට ඔවුන්ගේ වාර්තාකරණ ක‍්‍රමවේදය සහ විලාසය වෙනස් කර ගැනීමට හැකිවීම සහ ආයෝජකයන්ට හා අනෙකුත් පාර්ශවකරුවන්ට, ආයතනවල මෙහෙයුම් හා ජයග‍්‍රහණ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාර කිරීමයි.

බැංකු, විවිධාංගකරණය වූ සමූහ, මූල්‍ය සහ කල්බදු, රක්ෂණ, වෙළඳ, ආයෝජන බැංකු, ආහාර පාන, සෞඛ්‍ය සේවා, හෝටල්, ඉඩම් සහ දේපළ, නිෂ්පාදන, මෝටර් රථ සමාගම්, සේවා සමාගම්, විදුලි සංදේශ, ඒකක භාර, මාධ්‍ය සහ විනෝදාස්වාදය, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන, වැවිලි, ඉදිකිරීම්, විදුලිබල සහ බලශක්ති, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ලාභ නොලබන ව්‍යාපාර සහ රාජ්‍ය නොවන සංවිධාන යන ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන කාණ්ඩ 26කට අයත් ආයතන සඳහා මෙම තරගය විවෘත විය.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

You may have missed