33 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වු මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩකාවන් අගයයි.

33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වු මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩකාවන් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක් මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවවණාගාර පරිශ්‍රයේදී ඊයේ (30) පැවැත්විය.


ඒ අනුව, මහනුවර දිස්ත්‍රීක්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16ක් ද නුවරඑළි‍ය දිස්ත්‍රීක්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5ක් ද මාතලේ දිස්ත්‍රීක්කයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් අයෙක් ද මෙදින ඇගයීමට ලක් වු අතර, ඔවුන් සදහා රුපියල් දස දහසේ මුල්‍යමය ත්‍යාග ද මෙහිදී පිරිනැමුණි.

මෙම ඇගයීම් උත්සවයේදී 33 වෙනි යෞවන ක්‍රිඩා උළෙලේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.52 ක අගයක් ලබාගනිමින් 20 න් ඉහල දක්ෂතම ක්‍රිඩකයා වු එච් .බි.එම්.වයි. පි.බි.හේරත් ක්‍රීඩකයා ද විශේෂ ඇගයීමට ලක් වු අතර, 33 වෙනි යෞවන ක්‍රිඩා උළෙලේදී නව වාර්තා සනිටුහන් කළ මහනුවර දිස්ත්‍රික්කයේ වි. ජි. එන්. ඩි. බුලුගහපිටිය ක්‍රීඩකයා (20 න් පහල පිරිමි මිටර් 800 ඉසව්ව) සහ එච්.ඒ.පි.හෙට්ටිආරච්චි ක්‍රීඩිකාව(මිටර් 100 කඩුලු මතින් දිවිම ) ද මෙහිදි ඇගයීමට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, සිය ක්‍රීඩා කෞෂල්‍යයන් රටටම කියාපාමින් මධ්‍යම පළාතට ගෞරවයක් රැගෙන ආ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයක් වශයෙන් ස්තුතිය පළ කර සිටින බවයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ මධ්‍යම රජයත්, පළාත් සභාවත් ලෙස වෙන් ව ක්‍රියාවට කටයුතු කිරීම වෙනුවට වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් සභාව ඒකාබද්ධව සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම සිදු කරන බවත්, මධ්‍යම පළාතේ ක්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් සභාව එක් ව 2022 වර්ෂය සදහා විධිමත් සැලැස්මක් සකස් කර ඒ ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතින බවත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ඉදිරියේදී අන්තර්ජාතික විශ්ව විද්‍යාල හා සම්බන්ධවෙමින් මෙරට ක්‍රීඩකයන් සදහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත පාඨමාලා හැදෑරීම සදහා අවස්ථාවන් ලබාදීම සදහා කටයුතු කිරීමට නියමිත බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරන්ත,ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ සරත් කොඩිකාර, මහනුවර සහකාර අධ්‍යක්ෂ සුචින්තන දිසානායක යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

You may have missed