රජය විසින් දැනටක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහනයටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වයලබාදීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කලේය.

රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරු පවුල්වල සමාජිකයින්ගේ හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත
විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීම
සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක්
විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ
යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ
සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා යුද හමුදාව
විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් (මැයි 11), ඉනාමළුව, 53වන
පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එම උත්සවයේ ප්‍රධාන
ආරාධිතයා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
මැතිතුමා සහභාගි විය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් උත්සවයට සපැමිණි
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාව පිළිගනු ලැබූ ලැබීය.
යුද්ධ හමුදා මූලස්ථානය විසින් විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩල යටතේ උපකාරක සේවා
මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ අතර, එහිදී රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල
සාමාජිකයින් හට ඔවුන්ගේ පැමිණිලි වාර්තා කිරීමට සහ අවශ්‍ය උපදෙස්
ලබාගැනීමට පහසුකම් සලසා දී තිබිණ.
මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් අපගේ අභීත විරුවන් සිදුකල
උත්තරීතර කැපකීරීම, යුධ ගිනි ඇවිලී තිබූ සමයේ එම වීරෝධාර රණවිරුවන්ගේ
දෙමව්පියන් මෙන්ම පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ අපරිමිත කැපකිරීම්
පිළිබඳව හා රාජකාරි කටයුතුවලදීත්, ඉන් පිටතදීත් ත්‍රිවිධ හමුදාවෙන් සිදුකෙරෙන
අපරමිත සේවය මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා
පැසසුමට ලක් කරන ලදි.
ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත්
රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත්
සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය
ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, රජය විසින් දැනට
ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘උරුමය’ වැඩසටහන
යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛත්වය
ලබාදීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කලේය.
ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට සහ අදහස්
ප්‍රකාශ කිරීමට ද අවස්ථාව සලසා දෙන ලද අතර, පැමිණි සිටි විශ්‍රාමික

රණවිරුවන් වෙත හා ජිවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල
සාමාජිකයන්ගේ වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කර
තිබූ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණ.
ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ, යුධ හමුදා
විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, 53 වන සේනාංකයේ
සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක, යුධ හමුදා සේවා වනිතා
ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය
නිලධාරීන්, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද
මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may have missed