ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ

ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ (10) සංවිධාන කර තිබූ කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව “හිංසන විරෝධී ගෝලීය අභිනයන්” හස්ත මුද්‍රා එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය .

ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව, කාන්තාවන් සහ ගැහැනු දරුවන් සමාජයේදී ලිංගික හිංසනයන්ට ගොදුරුවීම වලක්වාගැනීමේ අරමුණින් ඩීපී එඩියුකේෂන් විසින් හිංසන විරෝධී ගෝලීය අභිනයන් සමාජගත කිරීමේ වැඩසටහන (10 වෙනිදා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ විය. මෙහිදි ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සපැමිණි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත කුන්ලේ අදේනී මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ගිහි පැවදි දෙපාර්ශවයේම සහභාගීත්වය මීට ඇතුළත් විය.

You may have missed