ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සර්ව ආගමික නායකයින් පිරිසක් අධිකරණ ඇමති හමුවෙයි.

0

ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ලංකා මානව හිමිකම් (ලංකා) සංවිධානයේ සර්ව ආගමින නායක පිරිසක් අද (2024.04.22) දින අධිකරණ අමාත්‍යාංශයේදී හමුවිය.අධිකරණ අමාත්‍යවරයා ලෙස රාජකාරී ඉටුකරන ගරු අමාත්‍යතුමා විසින් දිවයින පුරා සිදුකරමින් පවතින සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස මහත් සේ සතුටට පත්වන බව සඳහන් කල එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් මහතා, එම සංවිධානයේ අශිර්වාදය අමාත්‍යවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදුවිය.මෙහිදී අදහස් පලකරමින් අමාත්‍යවරයා සඳහන්කලේ දිවයින පුරා පිහිටි සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි සංහිඳියා කමිටු පිහිටුවා ඒ හරහා ජාතීන් අතර සහ ආගම් අතර සමගිය ඇතිකිරීමට මේ වන විටත් කටයුතු කර අවසන් බවයි.  මානව හිමිකම් ලංකා සංවිධානය වැනි සංවිධාන වලට ශ්‍රී ලංකාව තුල සංහිඳියා වැඩසටහන් වලට සෘජුව සහයදීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.මෙම අවස්ථාවට මානව හිමිකම් ලංකා සංවිධානයේ අනුශාසක මතුරට ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් මහතා, අනුශාසක මව්ලවි අබ්දු රහීම් යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

You may have missed