ඖෂධ එන්නත් කිරිම්, රුධිර පරික්ෂාවන් ඇතුළු සත්කා‍ර සේවාවන් රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක ගිඟයක්…

0

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාල සිරින්ජරන් කිසිවක් වෛද්‍ය සැපයීම් අංශයෙහි නැහැ.

අනුමත කල සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත් හිටුවලා. ඇතැම් සිරිර්න්ජර තුල ජල වාශ්ප ඇතුළු විවිධ තෙල් වර්ග වලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබිලා.

මිලි ලීටර 5 ප්‍රමාණයෙන් පමණක් කුඩා තොගයක් පවතින නමුත්, 20, සහ 10 අවශ්‍යතාවයන් සඳහා වැඩිපුර යෙදවීම5අ සිදු වීම නිසා එම තොගයද ඉදිරි මාසයේදි ඉවර වීමට නියමිතය.

බොහො ඖෂධ රෝගීන්ට ලබා දීම සඳහාත්, රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන් රැසක් සඳහා මෙම සිරින්ජර අත්‍යවශ්‍ය බැවින්, ඖෂධ තිබියදී පවා ඒවා රෝගීන්ට ලබා දීමට නොහැකි තත්වයක් මතුවීම හේතුවෙන් සත්කාර සේවාවේ බරපතල අර්බුධයක් මතු වෙමින් තිබේ.

කෙසේ නමුත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යකෂක වරයා, හොර ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවට අදාලව බන්ධනාගාර ගත කිරීම හේතුවන් ඇතිවූ බිය මූලික කර ගනිමි ඇතැම් සෞඛ්‍ය බලධාරීන් තීරණ ගැනිම මග හැර සිටීම හේතුවෙන්, මෙම ගැටළු සඳහා පිළියම් යෙදවීමද විශාල ලෙස ප්‍රමාදවෙන හෝ ප්‍රමාද වෙන තත්වයක් ඇතිවිය හැකිය.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
0773077717

#sriLanka #Health #LocalNews

Leave a Reply

You may have missed