සෝමාවතියේ කඨින චීවර පූජාව විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන දායකත්වයෙන්…

0

සෝමාවතියේ කඨින චීවර පූජාව විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වේ.

බෞද්ධ පුජ පූජා අතර ඈත අතීතයේ සිට පහන් දැල්වීම හෙවත් ප්‍රදීපාලෝකය සිදු කිරීමෙන් නුවණැස පාදාලීම අපේක්ෂා කළ බවත් ප්‍රඥාලෝකය දල්වාලීමට මහෝපකාරි වන අලෝක පූජාව වර්තමානය දක්වා නොනවත්වා පවත්වාගෙන ආ බවත් එම මහා පුන්‍යකර්මය ඉදිරියටත් පවත්වාගෙන යාම සැදැහැති බෞද්ධයන්ගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ පැවැති වාර්ෂික කඨින මහෝත්සවයට සහභාගී වෙමිනි.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක්වූ අතර ඊට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද එක්ව සිටියේය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ වැඩබැලූ අංශාධිපති, පොලොන්නරුව ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති පුජ්‍යපාද ආචාර්ය පහමුණේ ධර්ම කිර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා පෙරදැරිව නොවැම්බර් මස 4 සහ 5 දෙදින තුළ පැවැති මෙම මහා කඨිනචීවර පූණ්‍යෝත්සවය ශ්‍රී දකුණු දළදා වහන්සේ උදෙසා කිරි ආහාර සම්බුද්ධ පූජාවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ සැදැහැති දායකත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

You may have missed