ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 11300 දක්වා ඉහළට…

ලිබියාවේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රතු කුරුස සංවිධානය පැවසුවේ තවත් දහස් ගණනක් අතුරුදන්ව ඇති බවයි.

නැගෙනහිර ඩර්නා නගරයේ විශාල කොටස් විනාශ වී ඇති අතර මිලියනයකට ආසන්න පිරිසකට උපකාර අවශ්‍ය බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. තුර්කිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගලවා ගැනීමේ සහ වෛද්‍ය කණ්ඩායම් යවා ඇති බව සඳහන්. ලැබී ඇති ආධාර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අතර ඩර්නා නගරයේ යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුව තිබෙනවා. ඩර්නා හි මාර්ග සහ පාලම්වලට හානි සිදුවී ඇති අතර ඒ හේතුවෙන් නගරය තුළට සහ ඉන් පිටත ගමනාගමනයට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.

You may have missed