ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ලාභම ටිකට් සියල්ල විකිණී අවසන්…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ අවම ගාස්තුව ඇතුළත් ටිකට්පත් සියල්ල විකිණී අවසන්ව තිබේ.

ඒ අනුව ‘C’ හා ‘D’ UPPER LEVEL (Premium) සහ LOWER LEVEL (General) ටිකට්පත් සියල්ල විකිණී ඇත.

මේවනවිට ඉතිරිව ඇත්තේ සමස්ත ටිකට් 2781ක් පමණි.

ඒ ‘A’ LOWER LEVEL (First Class) ටිකට්පත් 174ක්, ‘B’ LOWER LEVEL (First Class) ටිකට්පත් 1802ක්, ‘B’UPPER LEVEL (VIP) ටිකට්පත් 624ක් සහ ‘ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ්’ (V-VIP) ටිකට්පත් 181ක් වශයෙන් තවමත් ඉතිරිව පවති.

‘C’ හා ‘D’ UPPER LEVEL (Premium) ටිකට්පතක් අලෙවි කර තිබුණේ ඩොලර් 05ක් හෙවත් රුපියල් 1,600ක මුදලකටයි.

එමෙන්ම මෙම තරගයේ අවම ගාස්තුව ඇතුළත් ටිකට්පත වනුයේ ‘C’ හා ‘D’ LOWER LEVEL ටිකට්පත්ය.

‘C’ හා ‘D’ LOWER LEVEL (General) ටිකට්පතක් ඩොලර් 02ක් හෙවත් රුපියල් 640ක මුදලකටත් මිලදීගැනීමේ අවස්ථාව සලසා දී තිබුණි.

මීට අමතරව ‘A’ UPPER LEVEL (VIP) ටිකට්පත් සියල්ලමද විකිණී අවසන්ව තිබේ.

‘A’ UPPER LEVEL (VIP) ටිකට්පත් අලෙවි කර තිබුණේ ඩොලර් 35ක් හෙවත් රුපියල් 11,200ක මුදලකටය.

කෙසේ වෙතත් ‘ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ්’ (V-VIP), ‘B’UPPER LEVEL (VIP), ‘A’හා’B’ LOWER LEVEL (First Class) යන ටිකට්පත් තවමත් ඉතිරිව තිබේ.

මෙහි ‘ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ්’ (V-VIP) ටිකට්පතක් ඇමෙරිකානු ඩොලර් 125ක (රු. 40,000ක) මුදලකට මිලදීගත යුතු අතර, ‘B’UPPER LEVEL (VIP) ටිකට්පතක් අලෙවි කරනුයේ ඩොලර් 25ක් හෙවත් රුපියල් 8,000ක මුදලකටයි.

‘A’හා’B’ LOWER LEVEL (First Class) ටිකට්පතක් අලෙවි කරනුයේ ඩොලර් 20ක් හෙවත් රු. 6,400ක මුදලකටය.

තරගාවලියේ සත්කාරකත්වය දරන පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පවසන්නේ මීට පෙර පැවති මිල ගණන්වලට ප්‍රේක්ෂකයින්ගේ අඩු සහභාගිත්වයක් දුටු නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අවස්ථා කිහිපයකදීම තරග ප්‍රවේශපත්‍රවල මිල අඩු කිරීමට පියවර ගත් බවයි.

අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර. එහි 35,000කට පමණ තරග නැරඹීමේ ඉඩ ප්‍රස්ථාව පවතිනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන ඉරිදා (17ද) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

You may have missed