මට තියෙන චෝදනා ගැනත් ආයේ හිතලා බලන්න කාලේ හරී….

පාස්කු ඉරිදා එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වැඩසටහන තුළින් තොරතුරු රැසක් ඉදිරිපත්ව ඇති හෙයින් එම ප්‍රහාරයට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් තමන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා යළි සලකා බලන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන් හා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ මේ වන විට තීන්දුව ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

You may have missed