සුළඟේ වේගයේ වැඩිවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

You may have missed