අධි ඇසළ පොහෝ දිනය අදයි…

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ. එය සළකනු ලබන්නේ මේ වසරට යෙදුණු අමතර පොහෝ දිනයක් ලෙසයි.භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පො‍හෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝ වැසි බෞද්ධ ජනතාවට වැදගත්වේ.සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය.වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇද වැනි පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්වේ.සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි අභිනික්මන් කළේ ද අද වැනි පුන් පොහෝ දිනකයි.ලෝ සතුන් සසර දුකින් මුදා ගනු පිණිස බුදුරාජාණන් වහන්ගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව සඳහන්ය.

You may have missed