පල්ලෙගම සුමන හිමි අත්අඩංගුවට…

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන හිමි අද (08) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසනවා.

ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබී තිබූ පැමිණිලි මත පල්ලේගම සුමන හිමි පොලිසියට කැඳවා සාක්ෂි සටහන් කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් බව සඳහන් වනවා. අත් අඩංගුවට ගත් සැකකාර භික්ෂුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දින ඉදිරිපත් කිරීමට නියමිතය බවයි, අප කළ විමසුමකදී පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

You may have missed