හෙරොයින් ජාවාරම්කළ දෙදෙනකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගිය මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් හත්දහස් හය සියයක් අද (30) දා අළුයම අත්අඩංගුවට ගත් බවට  මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය කැන්දහේන වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (49) සහ පුද්ගලයකු (23) බව පොලිසිය සදහන් කරයි.

හෙරොයින් තොගයක් අලෙවි කිරීම සඳහා පුද්ගලයකු පන්නිපිටිය අඹගස්හතර හන්දිය අසන්නට පැමිණෙන බවට මහරගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වරයාට ලැබුණු තොරතුරක් මත

පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෙරොයින් හමුවූ බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් පන්සියයක් හමු වූ බවට පොලිසිය සදහන් කරයි.

You may have missed