වසා දැමූ චීනයේ ෂියාන් නගරවාසීන් දැඩි අපහසුතාවයට

චීනයේ ෂියාන් නගරය පසුගිය දා අගුලු දමා වසා දැමුණේ කොවිඩ් මර්දනය කර ගැනීමේ  අමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට සමහර නිවැසියන් පවසන්නේ ප්‍රමාණවත් සැපයුම් ඇති බවට නිලධාරීන් අවධාරනය කරන නමුත් ඔවුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති බවයි.

කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමට බලධාරීන් උත්සාහ කළ බැවින් පසුගිය සතියේ මිලියන 13 කට වැඩි පිරිසකට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර ඇත.

ඒ අනුව සීමිත තත්ත්වයන් යටතේ හැර මිනිසුන්ට පිටව යාමට අවසර දී නොමැති අතර ආහාර මිලදී ගැනීමට පවා පිටතට යා නොහැකියි.

ෂියාන් නගරය වසා දමා මේ වන විට දින නවයක කාලයක් ගතව ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may have missed