පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැප වාහන එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැප වාහන එපා. ජනතාව හාමතේ අල්ලස, දූෂණයට සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අද පෙරවරුවේ පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය. මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර යළි ලබාදීමට ගත් තීරණයට එරෙහිව පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් රජයට බලකර සිටියි. විරෝධතාව ආරම්භ වීමත් සමග පොලිසිය විසින් එම බැනර් ඉවත් කර ඇති අතර ඒ හේතුවෙන් උණුසුම් තත්ත්වය ඇති විය. පසුව විරෝධතාකරුවෝ ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාර දුන්හ.

You may have missed