අගමැතිතුමා අනුරාධපුර මහා විහාරයට යයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන්, පසුගියදා අනුරාධපුර මහා විහාරයේ දී බැහැදුටුවේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමෙන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, අනුරාධපුර දිසාපති එම්.ජේ.කේ. ජයසුන්දර යන අය මෙම අවස්ථාවට එක්විය.

You may have missed