මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ පුළුල් කතිකාවතක් අවශ්‍යයි. – පුලස්ති වන්නිආරච්චි

Pulasthi Wanniarachchi

මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ හා සමාජ ජාලා සහ තාක්ෂණය භාවිතයෙන් රටට වන අහිතකර බලපෑම පිළිබඳ පුළුල් කතිකාවතක් අවශ්‍ය බව එක්සත් සමාජ සංවිධානයේ සභාපති පුලස්ති වන්නිආරච්චි මහතා පවසා සිටියේ  රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් (22) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. එයට සමගාමීව ජනාධිපතිතුමාගේ ඇමරිකානු සංචාරයේදී ෆේස්බුක් සමාගමේ ගෝලීය සබඳතා පිළිබඳ සභාපතිවරයා හමුවුණා. එහිදී ඉදිරි තාක්ෂණික කටයුතු සම්බන්ධවත් සාකච්ඡා කෙරුණා.

මෙවැනි පනතක් හදිසියේම සම්මත කර ගැනීම පිළිබඳ සමාජයේ කථා බහක ඇති වී තිබෙනවා. මෙහි ධනාත්මක ලක්ෂණ තිබෙන බව කිවයුතුයි. පරිගණක හදිසි  ප්‍රතිචාර සංසදයට සමාජජාල සහ අන්තර්ජාල අවභාවිතය සම්බන්ධ වසරකට පැමිණිලි 14000ක් පමණ වාර්තා වෙනවා. පොලිසියට පැමිණිලි 9000ක් පමණ ලැබී තිබෙනවා. ඒ වගේම අනික් පත්තෙන් රටේ භාෂණයේ නිදහස ප්‍රජාත්ත්‍රවාදය පිලිබදව කතිකාවතක් තිබෙනවා.

සමාජ ජාල අඩවි විසින් සමාජයීය ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා. නමුත් අපේ රටේ ජනතාව මේ පිළිබඳව කොතරම් දුරට දැනුවත්ද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා.

ඩිජිටල්කරණයට සූදානම් වන අවස්ථාවේ මෙවැනි පනතක් සම්මත කරන විට මීට වඩා කේෂ්ත්‍රයේ විද්වතුන්ගේ අදහස් ලබාගත යුතුයි.විශේෂයෙන්ම වෛරී ප්‍රකාශන, අසත්‍ය ප්‍රවෘත්ති අවම කර ගැනීම තමයි මෙම පනතින් බලාපොරොත්තු වන්නේ. සමාජ ජාලා සහ තාක්ෂණය භාවිතයෙන් රටට වන අහිතකර බලපෑම පිළිබඳ කතිකාවතක් අවශ්‍ය බව කිවයුතුයි.

You may have missed