විද්‍යුත් ත්‍රීරෝද රථ ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්..

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍ය තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉදිරියට ගෙන යයි

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති බව සඳහන් වේ

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් මඟින් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු ඇත.

එසේම, මෝටර් රථ පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් රථ ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක් සහ දළ බර කිලෝග්‍රෑම් 1,000ක් නොඉක්මවිය යුතුය.

ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සඳහා පවතින බාධාව ඉවත් කරමින් මෝටර් රථ නීතිගත කිරීම සඳහා පසුගිය අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇත.

එම අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

You may have missed