මන්නාරමෙන් ඉන්දියාවට කෝටි 20ක රන් පැන්නූ 2ක් ඉන්දු රේගු වට කොටු…

මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක ආධාරයෙන් රුපියල් කෝටි විස්සක් පමණ වටිනා රත්රන් බිස්කට් කි.ග්‍රෑ. 14.8. ක් ප්‍රවාහනය කළ දෙදෙනකු ඉන්දියාවේ රාමනාදන්පුරම් රේගු නිලධාරීන් විසින් 31 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරමේ සිට මේ රන් බිස්කට් තොගය ඉන්දියාව දක්වා ප්‍රවාහනය කළ ධීවර බෝට්ටුවේ කාර්මිකයාද අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් අනෙක් දෙදෙනාගෙන් අයකු මන්නාරමේ පදිංචිකරුවකු වන අතර අනෙක් තැනැත්තා තමිල්නාඩුවේ පදිංචිකරුවෙකි. මේ රන් බිස්කට් තොගය වෙරළට ළඟා වීමෙන් පසු ඒවා රැගෙන යෑමට බව සැක කරන යතුරුපැදියක් වෙරළාසන්නයට පැමිණ බෝට්ටුවේ තිබූ රන් බිස්කට් අත්අඩංගුවට පත් වූ බව සැලවීමත් සමඟ පලා ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ රත්තරන් බිස්කට් තොගය පිළිබදව ඔත්තුවක් ලැබීමෙන් පසුව නිලධාරීන් විසින් ඒවා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාමනාදන්පුරම් ගීසල්කරෙයි අසල කලිමන්කුන්ඩු වෙරළ තීරයේදීය. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හා බෝට්ටු කාර්මිකයා රාමනාදන්පුරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

You may have missed