සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 20කට වැසෙයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) ප්‍රකාශ කළේය.

පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස අත්හිටුව බව අමාත්‍යවරයා පවසයි

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may have missed