ආගමික ගැටලු අවම කිරීම සඳහා ජනපතිගෙන් යෝජනාවක්

රට පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.මහනුවර සිදුකළ සංචාරය අතරතුර ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, උතුර හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කර ගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බවයි.ඊයේ (29) පස්වරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත.අසීරු කාල පරිච්ඡේදයක රටත් ජනතාවත් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ සහාය හිමි විය යුතු බව එහි දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි පෙන්වා දී තිබේ.

You may have missed