ලන්සා පොහොට්ටු පළුවක් රනිල් ලගට අරන් යයි.. කාර්යාලය සූදානම්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රී පිරිසකගේද එකමුතුවෙන්න් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වී ඇත.

එම දේශපාලන ව්‍යාපාරය සඳහා නිල කාර්යාලය රාජගිරියේ දී මෙම සතියේදී ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

අනුර ප‍්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යාම යන මන්ත්‍රීවරුන් ද මෙම නව දේශපාලන සන්ධානයට එක් වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වී කටයුතු කරන මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම නව දේශපාලන ව්‍යාපාරික එක්වීමට නියමිතව ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පල කිරීමටද මෙම පිරිස කටයුතු කිරීමට නියමිතව තිබේ.

You may have missed