පොළොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීමට සම්බන්ධ වීම – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (28) දින රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

එහිදී පොළොන්නරු දිස්ත්‍රික්කයේ විශේෂයෙන් සංවර්ධන විය යුතු අංශ කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයා විසින් යෝජනා ඉදිරිපත් කරනු ලදී.

ඒ අනූව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය මංපෙත් විවර කරමින් පුරවර විශ්ව විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිළිබඳව වූ යෝජනාව පිබිදෙන පොලොන්නරුව යටතේ හිටපු ජනාධිපතිතුමා අලුතින් ආරම්භ කර මෙතෙක් අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙලා තිබෙන ගොඩනැගිලි නැවත භාවිතයට ගනිමින් තම අධ්‍යාපනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි කල යෝජනාවත්, දිබුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි සිරිපුර නගරයේ ග්‍රාමීය රෝහලක් ඉදිකිරීම ද, වැලිකන්ද රෝහල අංගසම්පූර්න රෝහලක් ලෙස සංවර්දනය කිරීම ද , මනම්පිටිය නගරය මූලික කරගෙන වසන්ගත රෝග වෙනුවෙන් රෝහලක් ඉදිකිරීම ද, අඩු අදායම් ලාභි පවුල් සදහා නොමිලයේ විදුලිය ලබාදීමේ වැඩසටහන කඩිනම් කිරීම ද යන යෝජනා සියල්ලටම අනුමැතිය හිමිව ඇත.

You may have missed