රටම කතා කරන පානදුරේ මහ තොරණ..

ලංකාවේ මෙවර ඉඳිකර ඇති විශාලතම වෙසක් තොරණ ලෙස හඳුන්වන පානදුරේ ‌තොරණ ඊයේ (05) රාත්‍රි මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි. 

‘දේව ධර්ම ජාතක කථා වස්තුව’ රැගත් මෙම තොරණ අඩි 65 ක උසකින් සහ අඩි 58 ක පළලින් යුක්තය.

තොරණ විදුලි බුබුළු 80,000 කින් ආලෝකමත් වන අතර පානදුර එක්සත් පොදු වෙළෙඳ බෞද්ධ සමිතිය 65 වන වරට මෙය ඉදිරිපත්  කරනු ලැබේ. 

තොරණ නැරඹීම සඳහා ඊයේ (05) දින විශාල පිරිසක් පැමිණ සිටි අතර දින 07ක් ප්‍රදර්ශනයට එක්කිරීමට නියමිතව ඇත.

You may have missed