වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන 6 ක් පූජා භූමි ලෙස නම් කෙරේ

වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන 6 ක් පූජා භූමි ලෙස නම් කර තිබේ.බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේ, පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල විහාරස්ථාන 6ක් එලෙස නම් කළ බවයි.ඒ අනුව පුත්තලම කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම මහා විහාරය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරය, ගම්පහ සිරි පැරකුම්බා රජමහා විහාරය, කෑරගල පද්මාවතී පිරිවෙන, බියගම ශ්‍රී සුධර්මාරාමය සහ කුරුණෑගල තිස්සව රජමහා විහාරය පූජා භූමි ලෙස නම් කර ඇත.මීට අදාළ සන්නස් පත්‍ර රාජ්‍ය වෙසක් උත්සවයේදී ජනාධිපතිතුමා විසින් විහාරාධිපතිහිමිවරුවන්ට පිරිනැමීමට නියමිතයි.

You may have missed