ඉන්දියාව සහ එක්සත් අරාබි අමිර් රාජ්‍යය අතර සබදතා අඛණ්ඩව වර්ධනය වීම නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇගයීමට

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රාමසාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ ජනාධිපති ෂික් මොහොමඩ් බින් ෂෙයිඩ් මහතා වෙත සුභ පැතුම් එක්කරයි. ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනතාව එකට බැද තබන සාමය , සහජීවනය සහ සහෝදරත්වයේ බැදිම් මෙම උත්සවය අපට මතක් කර දෙන බව අගමැති මෝදි මහතා එම පණිවිඩයෙන් සදහන් කර තිබේ. මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දශක ගණනාවක් පුරා ගෞරවාන්විතව ජීවත්විීමට හැකිවුයේ ෂෙයිඩ් මොහොමඩ්ගේ දැක්ම නිසා බව මෝදි මහතා පැවසීය. පසුගිය වසර කිහිපය තුලදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉන්දියාව සහ එක්සත් අරාබි අමිර් රාජ්‍යය අතර ද්විපාර්ශවික සබදතා අඛණ්ඩව වර්ධනය වීම පිලිබදව අගමැතිවරයා සිය ප්‍රසාදය පලකර තිබේ.

You may have missed