අලුත් සහල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී..

සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය අද (02) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත් වේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගොවීන් සිය වගාවෙන් නෙලා ගන්නා කුළුඳුල් අස්වැන්න, අලුත් අවුරුද්දට පෙර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කර කෘතගුණ දැක්වීමේ චාරිත්‍රය ඇරඹෙන්නේ පෙර රජ දවස සිටයි.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව, සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කරනු ලබයි.

අලුත් සහල් මංගල්‍යයේ සාම්ප්‍රදායික වතාවත්, ඊයේ (01) ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක්, ඒකාබද්ධව වාර්ෂික අලුත් සහල් මංගල්‍ය සංවිධානය කරනු ලබයි.

You may have missed