කොළඹ මුව ගහනය ඉහළට

කොළඹ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් බෝවන මුව රංචු ජලභීතිකා පරීක්ෂණයකින් අනතුරුව වනොද්‍යාන සහ අභයභූමි වලට යොමු කිරීමට නියමිත  බවට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි.

හෝමාගම අවට මුව ගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා වගා බිම් වලට හානි වන බැවින් එම සතුන් වෙනත් රක්ෂිතයකට හෝ අභය භූමියකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන්  අමාත්‍යවරයාහට ඉල්ලීම් කර ඇති බිසා මෙම ක්‍රියාමර්ගය ගෙන ඇති බවට සදහන්වෙයි.

හෝමාගම අවට සැරිසරන මුවන්ගේ ජලභීතිකා රෝගය ව්‍යාප්ත වන බවට  වාර්තා වූ බැවින් පූර්ණ ජලභීතිකා පරීක්ෂණයකින් තොරව එම සතුන් සංරක්ෂණ කලාපවලට හෝ අභය භූමි වලට මුදා නොහරින ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවටද සදහන්වෙයි.

You may have missed