කාලගුණයේ වෙනසක්

උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතී.

එබැවින් අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව ද එම නිවේදනයේ දැක්වේ

You may have missed