දීපවාලි දිනය ඇසුරෙහි පවතින යහ අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙරට හින්දු බැතිමතුන්ට හැකිවේවා! – විමල් වීරවිංශ

ජාතික නිදහස් පෙරමුණූ නායකවිමල් වීරවංශ මහතා විසින් දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සුභපැතුම් නිවේදනයක් නිකුත් කර සිටියි.

අදාල නිවේදය පහතින්,

“පහන් දාමය” යන වචනාර්ථය ගෙන දෙන ‘දීපවාලි’ ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් “ආලෝකයේ උත්සවය”ලෙස සමරනු ලබන්නකි. මෙවර දීපවාලි උත්සවය යෙදී ඇත්තේ අද(24) දිනට ය.

මෙම උත්සවය හා බැඳුණු විවිධ පුරාවෘත්ත සහ වැදගත් සිදුවීම් සියල්ල ඇසුරු කොටගත් කල්හි පෙනී යන්නේ “නපුර පරදවා ලැබූ ජයග්‍රහණ සමරමින්, ආධ්‍යාත්මික ප්‍රබෝධය ඇතිකරලීම” මෙහි අරමුණ බව ය.

ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද, සීමාකම් මැද වුව මෙම දීපවාලි දිනය ඇසුරෙහි පවතින යහ අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙරට හින්දු බැතිමතුන්ට හැකිවේවා’යි පළමු කොටම ප්‍රාර්ථනය කරන්නෙමු. නරකට, නපුරට පාර කපන සියලු ආකාරයේ අන්තවාදයන් පරදවමින් ශ්‍රී ලංකා රාජ්‍යය රැක ගනිමින්, වැටුණු තැනින් නැගී සිටීම මේ මොහොතේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් වෙත පැවරී ඇති අත්හළ නොහැකි වගකීමකි.

අඳුරුමය යුගයකට පසුව ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගේ, විශේෂයෙන් උතුරු – නැගෙනහිර හින්දු බැතිමතුන්ගේ ජීවිත ආලෝකවත් වීමට පටන්ගෙන මේ වන විට වසර 13කට වැඩි කාලයක් ද ඉක්ම ගොස් ඇත. එවැනි පසුබිමක ජාතික සමගියෙන් බැඳී ජාතියක් විලස අප හමුවේ වන අභියෝග ජය ගැනීමට අදිටන් කර ගන්නා දිනය බවට මේ දිනය පත්කර ගන්නා ලෙස ද හින්දු බැතිමත් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම.)

නායක,

ජාතික නිදහස් පෙරමුණ

You may have missed