සිව්වන වරටත් ලොව හොඳම විශ්ව විද්‍යාල 600 අතරට ගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ටයිම්ස් උසස් අධ්‍යාපන (Times Higher Education ) ශ්‍රේණි ගත කිරීම් අනුව 2023 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල 501-600 අතර කාණ්ඩයට පැමිණීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය අඛණ්ව සිව්වන වරටත් සමත්ව තිබෙන බව වාර්තා වේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම වසරේදීත් වර්ග කර ඇති බවයි වාර්තා වන්නේ.

ලොව විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් (World University Rankings) අතර ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට ඇත්තේ ඉහළ පිළිගැනීමකි.

එම වර්ගීකරණය අනුව දකුණු ආසියාවේ විශ්ව විද්‍යාල අතර 78 වන ස්ථානයත් ආසියාවේ 351-400 කාණ්ඩයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය දිනාගෙන ඇති බව සදහන් වේ.

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ලොව විශාලතම සහ වඩාත් පුළුල් ශ්‍රේණිගත කිරීම්වලින් එකක් වන අතර මෙවර ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 104 කින් ලොව විශ්වවිද්‍යාල 1799 ක් සැලකිල්ලට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

You may have missed