ආලෝකමත් රටක් උදෙසා දීපවාලීයේදී ප්‍රර්ථනා කරමු!

“ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයකි.

දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් ලෙස එය සැලකෙන අතර වර්තමානයේ පවත්නා උවදුරු නැමති නපුර පරාජය කිරීම උදෙසා ද මේ උතුම් දිනයේ ප්‍රාර්ථනා කරමු.

දීපාවලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකයි.

සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහි ලා මේ අපූරු උත්සවය ඉමහත් පිටිවහලක් සපයයි.

භගවත් ගීතාවත් විෂ්ණු පුරාණයත් විෂ්ණු කවසමි නමැති කෘතියත් විෂ්ණු සකස්ටුනාමම් කෘතියත් පෙන්වා දෙන පරිදි දීපාවලී උත්සවයෙන් ජන සමාජයේ මිතුදම් වර්ධනය වී නෑදෑ සබඳකම් තහවුරු වන බව පෙන්වා දෙයි. මේ අනුව බලන කල පුරාණ කතා පුවත් මෙන්ම හින්දු ධර්මයත් හින්දු දේව කතාත් මිනිසා යහමඟට යොමු කරන යොමු කරවන දිනය දීපාවලි දිනය බවයි.

සියලූ දෙනාගේම වෛරය, ක්‍රෝධය ඉවත් වී සැමට මානව සංහිඳියාව පිරි ශ්‍රී ලංකාවක් තුළ නිදහසේ සමඟියෙන් සමාදානයෙන් ජීවත් වීමට දීපාවලිය පිහිටක්ම වේවා.

සජිත් ප්‍රේමදාස  විපක්ෂ නායක

You may have missed