කොටියා මරණයට හේතුව අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා ත්‍රිපුද්ගල කමිටුව ඇමතිට දන්වයි

සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවීම නිසා අගෝස්තු (07) දින වැනිදා  මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන්  සොයන්නට  පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී ඇත.

මෙම වාර්තාව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ඇමැතිවරයාට බාරදී ඇත.

කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

එසේම මෙම සමර්හිල් සිදුවීමේ දී එකී කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් ව ඇති බවත්, එම සතා ගසට යටවී නොමැති බවත් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව කමිටුව සඳහන් කරයි.

You may have missed